01502

වින්ග් කමාන්ඩර් ටී.ඩි.එස්. සිල්වාපුල්ලේ

9 වන ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය

පෞද්ගලික තොරතුරු

සම්පුර්ණ නම :

ටී.ඩි.එස්.සිල්වාපුල්ලේ

හමුදා ඒකකය :

9 වන ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනය

මියගිය ස්ථානය :

තමිලමඩම

උපන් දිනය :

1966 ජූලි 22

මියගිය දිනය :

1999 දෙසැම්බර් 19

වයස :

33

පදක්කම ලැබුණු දිනය :

2012 මැයි 19

විවාහක /අවිවාහක බව :

විවාහක

මව :

කේ.පී.එස්.ප්‍රනාන්දු

පියා :

ජේ.ආර්.සිල්වාපුල්ලේ

බිරිඳ :

කේ.එන්.එම්.ශාමලී සිල්වාපුල්ලේ

ලිපිනය :

කලගෙඩිහේන

ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම

    1999 දෙසැම්බර් 19 වන දා අලිමංකඩ ආසන්නයේ පිහිටි තමිලමඩම් යුධ හමුදා කඳවුරේ ඉදිරි ආරක්ෂක වළල්ල කොටි බෝට්ටු කණ්ඩායමක දැඩි ප්‍රහාරයක ට ලක් විය. ප්‍රහාරයට ලක්වන සෙබළුන්ට ආරක්ෂාව සැපයීම පිණිස MI24 යානා දෙකක් යොදාගැනිණි. සිල්වාපුල්ලේ ශ්‍රීලංකා ගුවන් හමුදාවේ CH618 යානාව මෙහෙයවුයේ එම සහය ලබාදීම සඳහාය.

 

    සිල්වාපුල්ලේ ට අභියෝග කිහිපයක මුහුණ දෙන්නට එහිලා සිදු විය. එනම් කොටි බෝට්ටු වල ප්‍රහාර වැලැක්වීම, අයහපත් කාලගුණික තත්වයෙන් බේරීම, සහ සතුරා සතුව ඇති ගුවන් යාන නාශක අවි වලින් බේරීම දැක්විය හැකිය.

 

    සිල්වාපුල්ලේ ගේ ප්‍රබල ගුවන් ප්‍රහාර හමුවේ සතුරු යාත්‍රා පලා ගියද, සිල්වපුල්ලේ සහිත යානාව සතුරා විසින් එල්ල කරන ලද ගුවන් යානා නාශක අවියකින් ප්‍රහාරයට ලක් වී ගිනි ගෙන විනාශ වී කළපුවට වැටුණේය. ඉන් සිල්වපුල්ලේ සහ ඔහුගේ සහයක තුවක්කු භටයන් දෙදෙනා ජිවිතක්ෂයට පත් විය.

 

සිල්වාපුල්ලේ ගේ මෙම ක්‍රියාන්විතයට උපහාර වශයෙන් ඔහුගේ නිළය වින්ග් කොමාන්ඩර් දක්වා උසස් කරන ලදී.

 

ඔහු පරම වීර විභූෂණයෙන් පිදුම් ලද්දේය.

වීර වික්‍රමාන්විතය

2016 srilankapwvheroes.com All Rights Reserved. powerd by VERBOSE SYSTEMS | j¾fndaia