තිස් වසරක ඊලාම් යුද්ධය

LTTE ත්‍රස්තවාදීන් විසින් ශ්‍රීලංකා මහ බැංකුවට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය

ශ්‍රී ලංකාව තුළ සිදු වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා

 

ශී‍්‍ර ලංකාව වූ කලී 1956 සිටම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා, ඝාතන සහ කැරලි සම්බන්ධ සිදුවීම් ගණනාවක් අත්දැක තිබෙන රටකි. රටේ සිංහල හා දෙමළ සම්බන්ධතා විෂයෙහි සලකා බලන විට වාර්ගික පහරදීම් ප‍්‍රධාන මිනුම් දඬු බවට පත්ව තිබේ.

 

1956 දී ගල්ඔය නිම්නයේදී ඇතිවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජීවිත 150ක් පමණ විනාශ වී තිබේ. එයින් වසර දෙකකට පසුව නිදහසින් පසු ලංකාවේ හටගත් ප‍්‍රථම වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයාදාමය දියත් විය. එහිදී දෙමළ ජාතිකයන්ට එරෙහිව සිංහල කල්ලි විසින් සංවිධානය කරන ලද වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ සංහාර දින හයක් තිස්සේ කි‍්‍රයාත්මක වී දෙමළ ජාතිකයන් සිය ගණනක් මරා දැමුණු අතර 25000කට වැඩි පිරිසක් සරණාගතයින් බවට පත් විය.

 

වාර්ගික ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවතත් 1960 ගණන්වලදී සුළු සුළු සිද්ධීන් වශයෙන් පැනනැගි අතර 1970 ගණන්වල එය කෲර පොලිස් කි‍්‍රයාවන් ලෙසින් පැන නැගුණි. මෙය ගැටුමේ වර්ධනීය අවස්ථාව ලෙස සැලකිය හැක. මේ අවස්ථාව වන විට දෙමළ ජනතාව තමන් වෙනම ජාතියක් ය යන හැඟීම සහ එම අරමුණ සාධනය කර ගැනීම සඳහා යුධ සටන්කාමීත්වය වෙත පිවිසීම ආරම්භ වුනි. ඒ අනුව 1975 වනවිට යුධවාදී දෙමළ තරුණයන් සංවිධානගත වීම ආරම්භ විය. එම වර්ෂයේදීම යාපනයේ නගරාධිපතිව සිටි ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කළ අතර එය දෙමළ සටන්කාමී තරුණයන්ගේ පළමු දේශපාලන ඝාතනය විය. ද්‍රවිඩ සංගමය, ෆෙඩරල් පක්ෂය, ලංකා කම්කරු සංගමය එකතු වී 1976 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවීමෙන් දේශපාලන වශයෙන් ද ගැටුම ලියලමින් පැවති බව සනාථ වේ. 1974 දී යාපනයේ දෙමළ භාෂා පර්යේෂණ සමුළුවට එල්ල වූ මැර ප‍්‍රහාරයත් තරුණයන් නව දෙනෙකු මරුමුවට පත්වීමත් විශාල තරුණයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමත් හරහා දෙමළ දේශපාලන පක්ෂවල දිශානතිය වෙනස් කිරීමට බලපෑවේය. ඒ අනුව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1976 මැයි 14 දින වඩුක්කොඩෙයි ආසනයේ සම්මේලනයක් කැඳවා දමිළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ඊළාම් රාජ්‍යයක් ඇතිකර ගත යුතු බව ප‍්‍රථම වරට ප‍්‍රකාශ කළේය.

 

1977 මැතිවරණයට තරඟ කළ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් පිළිබඳ මතවාදය ඉදිරිපත් කරමින් ආසන 23කට තරඟ කර ආසන 18ක් දිනා ගත්තේය.එහිදී පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන විපක්ෂය බවට ද පත් විය. 1978 වර්ෂයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී එක්සත් ජාතික පක්ෂය මුලින් පොරොන්දු වූ පරිදි සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවීමට කටයුතු කළේ නැත. ඒ අනුව 1972 දී මෙන්ම 1978 ව්‍යවස්ථාව ද දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි නොසලකා සිංහල ජාතිකත්වය පැහැදිලිව ම ඉස්මතු කරන ලද ජාතිකත්ව වශයෙන් ආධිපත්‍යය දැරීමේ ක‍්‍රමයක් ද ඇති කළේය. සිංහල රාජ්‍ය පාලනය හා බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරිම එම ජාතිකත්ව ආධිපත්‍යයේ ලක්‍ෂණ වේ. මේ අනුව යළිත් දේශපාලන පක්‍ෂ අර්බුදයකට මුහුණ දුන්නේය.

 

 

ජනවාර්ගික ගැටළු යුධකරණයට පත් වීම

 

1979 ජුනි මාසයේ දී හදිසි නීතිය පනවමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙහි උතුරු නැගෙනහිර ත‍්‍රස්තවාදය තුරන් කරලිමේ මෙහෙයුමක් දියත් කෙරිණි. මේ තුළ දෙමළ සටන්කාමීන්ගේ සන්නද්ධ බලය හමුදා බලයෙන් මර්දනය කිරීම ආරම්භ විය. තත්වය මෙසේ තිබියදී ජාතිකත්ව ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා යැයි යෝජනා කරන ලද දිස්ති‍්‍රක් සංවර්ධන සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට කරුණු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරුණි. 1981 දිස්ති‍්‍රක් සභා මැතිවරණයේදී දෙමළ සටන්කාමීන් විසින් අපේක්ෂකයින් ගණනාවක් ඝාතනය කරන ලදී. ඊට එරෙහිව කි‍්‍රයාත්මක වන රජයේ මිලිටරි හමුදාව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. එහිදී දෙමළ සංස්කෘතියේ පමණක් නොව මෙරට ඉතිහාසයේ ඥාණ ගබඩාවක් වූ යාපනයේ පුස්තකාලයේ පොත් 95000ක් පමණ විනාශ විය. නිවාස 200ක් පමණ ගිනිතබා විනාශ කරන ලදී . ඊලනාඩු පුවත්පත් කාර්යාලයද විනාශ විය. පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය යාපන ජනතාව දුටුවේ රාජ්‍ය බලය යොදවා තමන්ගේ සංස්කෘතිය විනාශ කරන කි‍්‍රයාවලියක් ලෙසටය. මෙවැනි කි‍්‍රයාවන් හරහා සිදුවුයේ දෙමළ ජනතාව තවතවත් දුරස්ථවී යාම පමණි.

 

නිදහසින් පසු දරුණුතම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූයේ 1983දී ය. දෙමළ සටන්කාමීහු හමුදා ට‍්‍රක් රථයක් පුපුරවා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමගින් ගැටුම ආරම්භ විය. ආණ්ඩුව සමහර මැර කණ්ඩායම් විසින් කොළඹ ඇතුළු රටේ දකුණු ප‍්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාවට එරෙහිව පහරදීම් පටන් ගැනුනි. මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල ප‍්‍රතිඵලයක් වශයෙන් ජීවිත 600කට වඩා වැඩි ප‍්‍රමාණයක් විනාශයට පත් වූ අතර 79000කට අධික පුද්ගල සංඛ්‍යාවක් සරණාගතභාවයට පත්විය. කෙසේ වෙතත් 1983 ජූලි සිද්ධිය ”දෙමළ ජනතාව වෙන්වී යා යුතුය” යන මතය දෙමළ සමාජය තුළ වඩාත් තහවුරු කිරීමට සමත් විය. දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් පිළිබඳ අරගලය සහයෝගය ලැබෙන්නට පටන් ගන්නේ මින් පසුවය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හයවැනි සංශෝධනය ගෙන එමින් වෙනම රාජ්‍යයක් පිළබඳ අදහස නීති විරෝධී බව ප‍්‍රකාශයට පත් කළේය. මේ හරහා ශී‍්‍ර ලංකාවේ වෙසෙන දෙමළ ජන වර්ගයේ නියෝජනය බෙහෙවින් අඩපණ විය.

 

1983න් පසුව දෙමළ සටන්කාමී කණ්ඩායම් වඩාත් ශක්තිමත් වීම ආරම්භ විය. උමා මහේෂ්වරන් විසින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ප්ලොට්) සහ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයද (එල්ටීටීඊ* ස්ථාපිත කරන ලදී .මීට අමතරව ඊළාම් ජනතා විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්) දෙමළ ඊළම් විමුක්ති සංවිධානය (ටෙලෝ)ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංගමය (ඊරෝස්) ද අවි ගැටුමේ ප‍්‍රධාන පාර්ශවකරුවන් බවට පත් විය. අනතුරුව ගැටුමේ පාර්ශවය ද සන්නද්ධ මුහුණුවරක් ගනිමින් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ගේ නියැලීම වේගවත් කළේය. 1987 ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ පළාත් සභා ස්ථාපිත කිරීමත් සමග බොහෝ දෙමළ සංවිධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහයට පිවිසිනි. මෙමගින් සනාථ වන කරුණක් වන්නේ දෙමළ ජනවාර්ගිකත්වය වෙනුවෙන් සන්නද්ධ සටනකට එළඹීම සඳහා සංවිධාන රාශියක් කි‍්‍රයාත්මක වුවද, පළාත් සභා ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම භූමිකාව නිරූපණය කරන ප‍්‍රධාන සංවිධානය බවට පත්වූයේ එල්ටිටිඊ සංවිධානය බවයි.

 

 

ත්‍රස්තවාදයේ ආරම්භය

 

පළමු ඊළාම් යුද්ධය 1970 දශකය මැද භාගයේ සිට 1989 දක්වා ක‍්‍රියාත්මක විය. ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත්විය. 1984 සිට උතුරු නැගෙනහිර පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප‍්‍රදේශ ඉලක්ක කොට ගෙන ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.

 

1975 ජූලි 27 වන දින ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1978 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. පළමුවැනි ඊළාම් යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.

 

1981 ජුනි 01 වැනි දින යාපන පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී. 1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩි හිදී ත‍්‍රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩිතබා සිව්දෙනෙක් මිය ගියේය. 1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප‍්‍රහාරයක් දියත් විය. 1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

 

1983 ජූලි 15 වැනි දින ලූකස් චාල්ස් ඇන්තනී මිය ගියේය. එහි පළිගැනීමක් ලෙසට ප‍්‍රභාකරන් 1983 ජූලි 23 වැනි දින තිරුකෝල්වේලි හන්දියේදී බිම්බෝම්බයක් යොදාගෙන සහ වෙඩි තැබීමෙන් සෙබළු 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමග මෙ අර්බුදය මහා යුද්ධයකට පෙරළිණ. මෙතෙක් තැනින් තැන සිදුවූ වෙඩි තැබීම්, මංකොල්ලකෑම් මුහුණට මුහුණ ලා කරන සටනක් බවට පත්වූයේ මෙම කාල වකවානුවෙන් පසුවය. 1983 ජූලියෙන් පසුව සටනට පිවිසුනු අය මෙන්ම නොපිිවිසුනු අයද සිය ගණනින් මරුමුවට පත් වූහ. දහස් ගණන් දමිළයෝ අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතර තිම්පු සාකච්ඡා මේසයේදී පළමු එල්ටීටීඊ ඇතුළු ද්‍රවිඩ සංවිධාන සියල්ලම එකම මේසයක සාකච්ඡාවට පැමිණි නමුත් එකඟත්වයකට පැමිණිය නොහැකි විය.

දෙවැනි ඊලාම් යුද්ධය

 

1990 ජුනි සිට 1994 අගෝස්තු දක්වා දෙවැනි ඊළාම් යුද්ධය කි‍්‍රයාත්මක විය. මෙය ශී‍්‍ර ලංකා රජයේ හමුදා හා එල්ටීටීඊ සංවිධානය අතර සිදුවිය. ආරම්භයේදී පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරු ඔවුන්ගේ ඉලක්ක විය.

 

1980 දී සහ 1990 දී පැවති රාජ්‍යයන් දෙමළ ජනතාව සතුටු කිරීම සදහා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගැනීම සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි පනත් කීපයක් සම්මත කර ගන්නා ලදී. එසේ වුවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් දිගටම සිදුවිය. ඉන්දිය සාම සාධක හමුදාව ඉවත් වු පසු එල් .ටී.ටී.ඊ. ය අනෙකුත් තරගකාරී ආයුධ සන්නද්ධ කණ්ඩායම් විනාශ කරමින් බලවත් විය. රජය ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමද මර්දනය කළේය. ප්‍රධාන විරුද්ධ පාර්ශවයන් දෙකම ඔවුනොවුන්ගේ බලය තර කර ගත් පසු දෙපාර්ශවයම සටන් විරාමය කඩ කළහ. රජය නැවත යාපනය අත්පත් කර ගැනීමට සටනක් දියත් කළේය. නිදහස් කරන පොරොන්දුව මත එල්.ටී.ටී.ඊ.යට යටත් වු සිංහල හා මුස්ලිම් පොලිස් නිළධාරීන් 113 ක් එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කරන ලදී. රජය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය යාපනයට ගෙන යාම තහනම් කළහ. ගුවන් හමුදාව ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ඉලක්ක වලට අනුකම්පා විරහිතව බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙය ට එල්.ටී.ටී.ඊ.ය ප්‍රතික්‍රියා දැක්වුයේ සිංහල හා මුස්ලිම් ගම්මානවලට පහර දී සිවිල් වැසියන් 166 දෙනෙකු එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරිම යුද්ධයෙන් සිදුවු විශාලතම මනුෂ්‍ය ඝාතනය විය. නැගෙනහිර පළාතේ සැලකිය යුතු සිවිල් දෙමළ ජනතාවක් ඝාතනය වු අතර ඒ පිළිබද වගකීම රජයේ හමුදාවනට එල්ල විය.

 

මෙලෙස දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අතර එයින් සති කිහිපයකින් එල්ටීටීඊය සුළු ප‍්‍රදේශ කිහිපයක් හැර යාපන අර්ධද්වීපයේම එනම් කිලිනොච්චි, වවුනියා, මුලතිව්, මන්නාරම් දිස්ති‍්‍රක්කයන්හි විශාල ප‍්‍රදේශයන්ද නැගෙනහිර පළාතේ ප‍්‍රත්‍යන්ත ඇතුළු කොටස්හිද අණසක යළි රැුඳවූහ. 1990 ජූලි මස 12 වැනි දින එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කොකාවිල් හමුදා කඳවුර මුළමනින්ම විනාශ කළහ. මේ අතර එල්ටීටීඊ ය උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම නොකඩවා කරගෙන යන ලදී. 1991 ජූලි 10 අලිමංකඩ කඳවුරට ප‍්‍රහාරයක් එල්ල වුනි. 1992 මුල් භාගයේදී ත‍්‍රස්තවාදීන් විසින් අම්පාර, පොළොන්නරුව දිස්ති‍්‍රක්කවල අහිංසක සිවිල් වැසියන් සිය ගණනක් මරා දමූහ. 1992 අපේ‍්‍රල් 10 වැනිදා සිවිල් වැසියන් රැගත් බසයක් බෝම්බවලින් පුපුරවා හැරීය.

 

විශාලතම යුද්ධයක් ඇතිවුයේ 1991 දී එල්.ටී.ටී.ඊ. හමුදා භටයින් 5000ක් විසින් යාපනය අර්ධද්වීපයට පිවිසුම් මාර්ගයක් වුද ශ්‍රී ලංකා හමුදාවන්ට අයිතිවුද අලිමංකඩ කදවුර මාසයක් තිස්සේ වටලා සිටි අවස්ථාවේදීය. මාසයක් පුරා පැවතුණු වටලෑමේදී දෙපාර්ශවයේම 2000කට අධික සංඛ්‍යාවක් මිය ගියේ රජයේ 10000ක ආධාර හමුදාව ඒමට පෙරාතුවය.

 

1992 අගෝස්තු 08 වන දින යාපනය අරාලි තුඩුවේදි ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේ මරණය ත‍්‍රස්තවාදී බිම් බෝම්බයකින් සිදුවිය. මේ අතර 1992 නොවැම්බර් 10 වැනි දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ප‍්‍රනාන්දු ඝාතනයට ලක්විය. 1991 මැයි 21 වන දින රජීව් ගාන්ධි ඝාතනය කළේය. 1993 මැයි 01 ත‍්‍රස්තවාදීන් විසින් කොළඹ ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදා ගනිමින් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසයන්ද මරණයට පත් කරන ලදී. මෙම තත්වය මෙලෙස සිදු කිරීම තුළින් එල්ටීටීඊ ය ලෝකය තුළ ප‍්‍රබල ගරිල්ලා ත‍්‍රස්තවාදී සංවිධානයක් බවට පත් විය

 

 

තුන්වැනි ඊලාම් යුද්ධය

 

1994 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වු අතර විශාල බලාපොරොත්තු මැද චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් වුයේ සාමය අපේක්ෂාවෙනි. එමෙන්ම විරුද්ධ පක්ෂ නායක ගාමිණි දිසානායක එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කිරීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයගත්තාය. 1995දී සටන් විරාමයකට එකග වුණද පසුව පැවැත්වු සාකච්ඡා ඵල රහිත විය. 1995 ජනවාරි 08 දින යුධ විරාමයක් ප‍්‍රකාශයට පත් විය. මේ අතර සාම සාකච්ඡා පැවැත්වුනු අතර සාම සාකච්ඡා පැවැත්වුණු අතර 1995 අපේ‍්‍රල් 19 වන දින ත‍්‍රස්තවාදීන් ති‍්‍රකුණාමලයේ ඇතුල් වරායේ නැංගුරම් ලා තිබුණු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කළහ. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් යොදවා මෙය සැළසුම් සහගතව කර තිබුණි. ඉන්පසු තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.

 

නව රජය “සාමය සදහා යුද්ධය” නම් ප්‍රතිපත්තිය අනුගමනය කලේය. ඒ මගින් කැරලිකරුවන් 2000ක් විසින් අත්පත් කරගෙන සිටි යාපනයේ ප්‍රධාන බලකොටු ආපසු ලබාගැනීමේ පරමාර්ථයෙන් විශාල හමුදාවක් යාපනයට යවන ලදී. රජයේ හමුදාවල පළමු කාර්යය වුයේ යාපනය අර්ධවීපය දිවයිනේ සෙසු ප්‍රදේශවලින් වෙන් කිරීමයි. 1995 අපේ‍්‍රල් 28 වන දින පළමුවන ඇව්රෝ ගුවන් යානය ත‍්‍රස්තවාදීන් වෙඩි තබා බිම හෙළන ලදී. මෙහිදී ගුවන් හමුදාවේ ඉතා දක්ෂයෙකු වූ රොජර් වීරසිංහ ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් විය. 1995 අපේ‍්‍රල් 29 වන දින දෙවන ඇව්රෝ යානයද වෙඩි තබා බිම හෙළන ලදී. තුන්වන ඊළාම් යුද්ධයේදී විවිධ ප‍්‍රහාරයන්ට නිරතුරුවම ලක්වූ අතර ඒවායින් ත‍්‍රස්තවාදීන් ද සෙබළුන් ද ඝාතනයට ලක්විය. මෙහිදී රිවිරැස කි‍්‍රයාන්විතය සුවිශේෂී වේ. රිවිරැස මෙහෙයුම 1995 ඔක්තෝම්බර් 17 වන දින පලාලි කඳවුරෙන් ආරම්භ විය. අවසානයේදී බි‍්‍රගේඩියර් ජානක පෙරේරාගේ නායකත්වයෙන් යුතු 53 සේනාංකය 1995 දෙසැම්බර් 02 දින යාපනය නගරය අල්ලා ගන්නා ලදී. නිලධාරීන් 16ක් හා සෙබළුන් 337ක් රිවිරැස පළමු පියවරේදී ජීවිතය පූජා කළහ. 1995 දෙසැම්බර් 5 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ උත්සවයක්ද පවත්වා යාපනය කොටුව තුළ ජාතික ධජය එසවුයේය. මෙම සටනින් හමුදා භටයින් සහ කැරළි කරුවන් 2500කට ආසන්න ප්‍රමාණයක් මියගොස් 7000 ක් දෙනා තුවාල ලත් බව රජය ඇස්තමේන්තු කර ඇත. රිවිරැස දෙවන අදියරේදී 1996 අපේ‍්‍රල් 19 වන දින තෙන්නමාරච්චි ප‍්‍රදේශය අත්පත් කර ගැනීම අරමුණ විය. 1996 මැයි 02 දා වන විට තෙන්නමාරච්චි ප‍්‍රදේශය මුදාගත් පසු රිවිරැස මෙහෙයුමේ තුන්වන හා අවසාන අදියර 1996 මැයි 15 වන දින දියත් කෙරිණි. 1996 මැයි 25 දින වන විට පේදුරුතුඩුව, වැල්වටිතුරේ, නෙල්ලිඅඩි ප‍්‍රදේශ ඇතුළු වඩමාරච්චි ප‍්‍රදේශය හමුදාව මුදවා ගනු ලැබිණ.

 

1996 දී රජය නැවත වරක් තවත් යුද්ධයක් දියත් කළේය. බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තවත් 200000ක් සිවිල් ජනයා පලා ගියහ. කිලිනොච්චි නගරය (ගිරානික්කෙ) සැප්තැම්බර් මස 29 අත්පත් කර ගන්නා ලදී. 1997 මැයි 13 දින ආණ්ඩුවේ හමුදාවේ 20000ක් එල්.ටී.ටී.ඊ.ය පාලනය කළ වන්නි ප්‍රදේශය හරහා සැපයුම් මාර්ගයක් විවාත කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. දෙපාර්ශවයම සිවිල් වැසියන් ඝාතනය කළහ. තුවාල කළහ.

උතුරේ දරුණු ක්‍රියා මෙසේසිදුවෙද්දී දකුණේ ජනාකීර්ණ නගරවලද , මහජන ප්‍රවාහන සේවාවන් තුළද වන්නි එල්.ටී.ටී.ඊ. ය විසින් බෝම්බ පුපුපරුවා හරින ලදී. මෙයින් සිවිල් ජනතාව සිය ගණනක් මිය ගියහ. 1996 ජනවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ අති දරුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගෙන කොළඹ මහ බැංකුවට ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 90 දෙනෙකු මිය ගොස් 1400ක් තුවාල ලදහ. 1997 ඔක්තෝබරයේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අතර 1998 ජනවාරියේදී ට්‍රක් රථයක ඇටවු බෝම්බයක් පුපුරවා හැර ලෝකයේ අති පුජනීය බෞද්ධ සිද්ධ ස්ථානයන්ගෙන් එකක් වුද බුදුන්ගේ දන්ත ධාතුව තැන්පත් කර තිබෙන්නා වුද දළදා මාළිගායට හානි සිදු කළහ. මෙම බොම්බ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කළ අතර ලෝකයේ සෙසු රටවලින්ද එසේ කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙය එල්.ටී.ටී.ඊ.යට අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස බලපෑවේය.

 

1999 දී රජය ‘රණගොස’ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දකුණු දෙසින් වන්නියට ඇතුලු වීමට උත්සාහ කළේය. හමුදාව ජයග්‍රහන කීපයක් අත්පත් කර ගත්තේය. ඔඩ්ඩුසුඩාන් (ඔත්තන් තුඩුව) සහ මඩු යන ස්ථානයන්හි බලය අල්ලා ගත් නමුත් එල්.ටී.ටී.ඊ.ය එම පෙදෙසින් ඉවත් කිරීමට අපොහොසත් විය. 1990 දී ගෝනගලදී එල්.ටී.ටී.ඊ. ය විසින් සිංහල වැසියන් 50ක් ඝාතනය කරන ලදී.

1999 නොවැම්බර් 2වැනි දින එල්.ටී.ටි.ඊ.යට නැවත වරක් ‘නොනවතින රැල්ල’ නම් වු මෙහෙයුමකට මුහුණ දීමට සිදුවිය. වන්නි ප්‍රදේශය මුලුමනින්ම ඉතා වේගයෙන් එල්.ටී.ටී.ඊ.ය අතට පත්විය. එල.ටී.ටී.ඊ ය ප්‍රදේශය තුල සාර්ථක පහර දීම් 17ක් සිදු කළ අතර එය පරන්තන් (පුරාණතැන්න) හමුදා කදවුර සහ කුරක්කන්කුඩුකුලම් (කුරක්කන් කැලේ වැව) කදවුරේද බලය අල්ලා ගැනිමෙන් අවසාන විය. මෙම සටන් වලින් දහස් ගණන් ජනතාව මිය ගියහ. කැරළි කරුවෝ අලිමංකඩ සහ යාපනය දක්වා උතුරු දෙසට ගමන් ගත්හ. කිලිනොච්චි සහ අවටප්‍රදේශවිලන් ශ්‍රි ලංකා හමුදාවට ගොඩබිමින් හා මුහුදින් තිබුණු සැපයුම් මාර්ග අහුරා දැමීමට එල්.ටී.ටි.ඊ.ය සමත් විය. 1999 දෙසැම්බරයේදී පැවැත්වු මැතිවරණ පුර්ව ප්‍රචාරක රැලියකදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යොදවා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය උත්සාහ කලේය. ඇයට එක් ඇසක් අහිමි විය. එහෙත් ජනාධිපතිවරණයෙන් විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ඇය සමත් වු අතර ජනාධිපති වශයෙන් දෙවැනි ධුර කාලයකට ඇය තෝරා ගනු ලැබුවාය.

 

යාපනය අර්ධද්වීපය සහ වන්නි ප්‍රදේශය අවුරුදු 17ක් තිස්සෙන් වෙන් කෙරෙමින් පැවතුනු අලිමංකඩ හමුදා කදවුර 2000 අප්‍රේල් 22 දින සම්පුර්ණයෙන් එල්.ටී.ටී.ඊය අතට පත් විය. හමුදාව යාපනය අර්ධවීපයේ දකුණු පෙදෙස අල්ලා ගැනිමට “අග්නි කීල” මෙහෙයුම දියත් කළ නමුත් පරාජය විය. එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ යාපනය දක්වා ඉදිරි ගමන නොකඩවා ගෙන ගිය අතර යාපනය ඔවුන් අතට පත්වේයයි බොහෝ දෙනා බිය වුහ. ‍එහෙත් හමුදාවට එල්.ටී.ටී.ඊ. ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වීමටත් යාපනය නගරයේ බලය අත්පත් කර ගැනීමටත් හැකිවිය.

 

2001 බලයට පත් ආණ්ඩුව යුද්ධය වෙනුවට සාම මාවත හරහා යුද්ධයට තිරසාර විසඳුමක් සෙවීමට උත්සාහ ගත්හ. මීට පෙර ඇතිකර ගත් සාම සාකච්ඡා වලට වඩා වෙනස් අයුරකින් මෙය මෙහය වූ අතර ඒ සඳහා ජාත්‍යන්තර අවධානයද විශාල වශයෙන් යොමු විය. නෝර්වීජියානු පහසුකම් හා ජාත්‍යන්තර සහය ඇතිව පැවතුණු 2002-2003 සාම කි‍්‍රයාවලිය 2006 වන විිට යළිත් පණගැන්විය නොහැකි ලෙස අඩපණ විය. දෙපාර්ශවය විසින්ම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළේය. 2005 නොවැම්බර් මාසයේ දී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ ය සමඟ සාකච්ඡා නැවතත් ආරම්භ කිරීමට උත්සාහ ගත්තේය. 2006 වසර මුලදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී සාකච්ඡා වට දෙකක් පැවතුනත් ඒවායින් එතරම් ප‍්‍රතිඵල ලැබුනේ නැත. මේ වන විට පාර්ශව දෙකම පැමිණ තිබූ නිගමන ලෙස පෙනුනේ තම තමන්ගේ ඒක පාර්ශවීය අරමුණු ඉදිරියට දැමීමට තිබුනු හොඳම විකල්පය යුද්ධය යන්න බවයි.

 

2002 පෙබරිවාරි මස අත්සන් කළ සටන් විරාම ගිවිසුම 2008 ජනවාරි වන තෙක් පැවතුණි. යුද්ධය නැවත ආරම්භ වන අතර දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමේ පාර්ශවකරුවන් හැටියට දිගටම සිටියහ. එසේ වවත් 2006 මැදදී ආණ්ඩුවත් එල්ටීටීඊ යත් තරමක මහා පරිමාණ යුද්ධයකට එළඹුනේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන්නේ නැතිවය. මේ නිසා 2006 සහ 2007 වසර වලදී ලංකාවේ යුද්ධය අප‍්‍රකාශිත යුද්ධයක් ලෙස පවතුනි.

 

 

උතුරු සහ නැගෙනහිර තර්ස්තවදින්ගෙන්  මුදාගැනීමේ මානුෂිය මෙහෙයුම

 

මෙහි ආරම්භක අවස්ථාව ලෙස 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් එල්ටීටී ය මාවිල්ආරු ජල දොරටුව වසා දැමුවේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ ය. මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. ඉන් ඇරඹි මානුෂීය මෙහෙයුම ඉතාමත් තීරණාත්මක විය මෙලෙස ආරම්භ කළ යුද්ධයේදි පෙනුණු දෙයක් නම් ලංකාව මහා පරිමාණ සිවිල් යුද්ධයකට ගමන් කරවීමේ මංසලකුණු සටහන් කළ බවය. මේ වන විට ආණ්ඩුවේ අරමුණු දෙකක් පැහැදිලිය. එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කර එහි යුධ ශක්තීන් විනාශ කර දාවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියේ නියෝජිතයෙකු හැටියට එල්ටීටීඊ ය නැති කිරීමය. දෙවැන්න සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට නොහැකි වුවත් ලංකාවේ රාජ්‍යයට තව දුරටත් තර්ජනයක් නොවන පරිදි එල්ටීටීඊ ය යුධ හා දේශපාලන වශයෙන් දුර්වල කිරීමය. මෙකී අරමුණු ඇතිව ආරම්භ වූ යුද්ධයේදී ආණ්ඩුව විශ්වාස කළ දෙයක් වූයේ අතීතයේ ද එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කිරීමට සන්නද්ධ හමුදාවන්ට හැකියාවක් තිබුණ ද කරුණු කිහිපයක් නිසා ඒ අවස්ථාව වැළකී ගිය බවය.

 

I. යුද්ධය සැලසුම් කිරීමේ දී සහ කි‍්‍රයාත්මක කිරීමේ දී ආණ්ඩුවේ බලයේ සිටින දේශපාලඥයින් ඒවාට මැදිහත් වී යුධ කි‍්‍රයා මාර්ග දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට යටත් කර අවුල් කිරීම.

II. යුධමය විසඳුම් ක්‍රියාමාර්ගයෙන් ඉවත්වන ලෙස කෙරුණු ජාත්‍යන්තර බලපෑම්වලට ආණ්ඩුව යට වීම.

III. යුද්ධයේ දී සිදුවන මානව අයිතිවාසිකම් කඩකිරීම් හා මනුෂිකවාදී ගැටළු ගැන අනවශ්‍ය ලෙස වැදගත්කමක් දීම මඟින් යුද මෙහයුම් දුර්වල කිරීම.

 

මේ නිසා රාජපක්ෂ ආණඩුව එල්ටීටීඊ යට විරුද්ධව යුද්ධය සැලසුම් කිරීමේදී මූලෝපායන් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයටත් සන්නද්ධ හමුදා ප‍්‍රධානීන්ටත් භාර දී ඇත

මේ තත්ත්වය තුළ එල්ටීටීඊ ය කල්පනා කලේ යුද්ධය දිග්ගැස්සෙන විට එයින් ඇතිවන මානව අයිති වාසිකම් කඩවීම් හා මානුෂවාදී අර්බුද හේතුවෙන් ආණ්ඩුව ජාත්‍යන්‍තර වශයෙන් හුදකලා විය හැකි බවත් යුද්ධයේ ආර්ථික පිරිවැය වැඩිවීමත් සමඟ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැතිරෙන විට ආර්ථිකයට හානි පැමිණ ආණ්ඩුවේ මහජන සහයෝගීතා පදනම අඩු වී යුද්ධය ආර්ථික වශයෙන් නඩත්තු කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි. එපමණක් නොව ආර්ථිකයට හානි පමුණුවන නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය දුබල කරන යුද්ධයක පසුබිම තුළ දකුණේ දේශපාලන ප‍්‍රතිවිරෝධතා ඇති වීමත් සමඟ යුද්ධය පවත්වාගෙන යාම ආණ්ඩුවට දුෂ්කර වෙද්දී නව බල තුලනයන් ගොඩනැගීමට මූලෝපායික ඉඩකඩ තමාට උදාවේය යන්නය. නමුත් 2006 අවසානයේදී නැගෙනහිර පළාතේ කෙරුණු යුද්ධයේ දී නැගෙනහිර පළාත ජය ගැනීමට පහසුවෙන්ම ආණ්ඩුවට හැකි විය

 

යුද්ධය යළි ඇරඹීමත් සමඟ විශාල මානුෂිකවාදී ප‍්‍රශ්න උග‍්‍ර විය. ඒ අතර සිවිල් ජනයාට උන් හිටි තැන් අහිමි වීම, ගේ දොර මෙන්ම ආර්ථික ජීවන රටා අහිම් වීම, සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී මිය යෑම, තුවාල ලැබීම, යුද්ධය කේන්දා ගතවී නොමැති කොළඹ වැනි ප‍්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදුවීම, උදාහරණ ලෙස කොටුව බෝම්බ ප‍්‍රහාරය, මේ ආකාරයට සිදු වූ මානව අයිතීන් කඩවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විරෝධය හා බලපෑම් නොසලකා හැරීමට තීරණය කර ඇත. ආණ්ඩුවේ තර්කය වූයේ ‘‘ආණ්ඩුව ඒවාට යටවුවහොත් ඒ මඟින් තම යුධ ප‍්‍රයත්නය අඩාල වන බවයි. මානව අයිතිවාසිකම් හා මානුෂවාදී කරුණු රණවිරුවන් අධෛර්යමත් කරන සහ එල්ටීටීඊ යට සේවය කරන පියවරක් ලෙස ද ආණ්ඩුව හඳුන්වයි. ”ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ” යුද්ධයේ දී මානව අයිතිවාසිකම්වලට වැඩි ප‍්‍රමුඛත්වයක් දිය යුතු නැත යන තර්කය මත ආණ්ඩුව තම ස්ථාවරය සාධාරණය කර ඇත. මේ ආකාරයට දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප‍්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත‍්‍රස්තවාදය 2009.05.19 වන දින යුධමය වශයෙන් පරාජය කළේය. එය මුළු ආණ්ඩුව පමණක් නොව රාජ්‍යම ලැබූ ජයග‍්‍රහණයකි.

 

 

ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්

2016 srilankapwvheroes.com All Rights Reserved. powerd by VERBOSE SYSTEMS | j¾fndaia