XX 31243

ප්‍රධාන සුළු නිලධාරි කේ.ජී.ශාන්ත

විශේෂ යාත්‍රා බලඝණය

පෞද්ගලික තොරතුරු

සම්පුර්ණ නම :

කේ.ජී.ශාන්ත

හමුදා ඒකකය :

විශේෂ යාත්‍රා බලඝණය

මියගිය ස්ථානය :

නාගර්කෝවිල්

උපන් දිනය :

1979 අගෝස්තු 04

මියගිය දිනය :

2008 නොවැම්බර් 01

වයස :

29

පදක්කම ලැබුණු දිනය :

2009 ජනවාරි 07

විවාහක /අවිවාහක බව :

විවාහක

මව :

ආර්.එම්.ඩොලීනෝනා

පියා :

කේ.ජී. ගුණතිලක

බිරිඳ :

ආර්.එම්.එස්.ආර්.දිසානායක

ලිපිනය :

266/ඒ, නෝර්වුඩ් ඉහල කොට්ඨාසය, නෝර්වුඩ්, හැටන්

ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය

2008 නොවැම්බර් 01 වන දින මුහුදු කොටින් නාවික හමුදාව සමඟ පේදුරුතුඩුව සහ නගර්කොව්ල් අතර මුහුදු තිරයේ දී ගැටුමක් ඇති කර ගත්හ.සුළු නිලධාරියෙකු වන කේ.ජී.ශාන්ත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඇණිය ට අනුයුක්තව සේවය කළේය. ඔහු ඇරෝ වර්ගයේ පෙට්‍රල් යාත්‍රාවේ නිලධාරියා විය. මෙම යාත්‍රාව මෙම ප්‍රහාරය සඳහා නාවික හමුදාව විසින් යොදා ගැනිණි.

 

ශාන්ත සහ ඔහුගේ කණ්ඩායම එම යාත්‍රාවෙන් මුහුදු කොටින් හට ප්‍රහාර එල්ල කරන්නට වුහ. මෙම යාත්‍රාව සතු හැසිරවීමේ පහසුව නිසා මෙවැනි ප්‍රහාරයක දී එය නාවික හමුදාවට විශාල ශක්තියකි. සටන දරුණු වීම නිසා මෙම යාත්‍රාවේ සිටි තුවක්කු කරුවන් තිදෙනාම බරපතල ලෙස තුවාල ලැබුහ.

 

කෙසේ නමුදු මුහුදු කොටින්ගේ ඉලක්කය වී තිබුනේ විශාල යාත්‍රා දෙකය. ශාන්ත මෙය හොඳින් නිරීක්ෂණය කලේය. තවද ශාන්ත අනෙක් යාත්‍රා වල ගමන් කළ පිරිස 12 දෙනෙකු බවට  ද ශාන්ත දැන සිටියේය. මේ වන විට ශාන්ත සතුව ඉත්රිව ඇත්තේ ඔහු සහ ඔහුගේ යාත්‍රාව පමණි. ඔහු තම යාත්‍රාව වේගයෙන් මෙහෙයවා මුහුදු කොටින්ගේ යාත්‍රා වල ගමන් මග හරස් කළේය. අවසානයේ මුහුදු කොටි යානාව සමග ශාන්තගේ යාත්‍රාව ඝට්ටනය කළේය. මෙය කෙළවර වුනේ විශාල පිපිරිමකිනි.

 

මෙහිදී ශාන්ත තම ජීවිතය සහෝදර සෙබළුන් වෙනුවෙන් පුජා කළේය. එහෙයින් ශාන්තයන්ගේ වික්රමනිව්ත ක්‍රියාවට උපහාර පිණිස ඔහුගේ නිළය ප්‍රධාන සුළු නිලධාරී දක්වා උසස් වූ අතර, ඔහු පරම විර විභූෂණයෙන් පිදුම් ලැබුවේ ය.

වීර වික්‍රමාන්විතය

2016 srilankapwvheroes.com All Rights Reserved. powerd by VERBOSE SYSTEMS | j¾fndaia