NRX 0517

ලුතිනන් ජේ.එල්.ඩි.එස්.විජේතුංග

විධායක නිලධාරී, KDA - 05

පෞද්ගලික තොරතුරු

සම්පුර්ණ නම :

ජූඩ් ලක්මාල් විජේතුංග

හමුදා ඒකකය :

විධායක නිලධාරි KDA - 05

මියගිය ස්ථානය :

චලෙයි

උපන් දිනය :

1967 පෙබරවාරි 03

මියගිය දිනය :

1996 මාර්තු 30

වයස :

29

පදක්කම ලැබුණු දිනය :

 

විවාහක /අවිවාහක බව :

අවිවාහක

මව :

ඩබ්ලිව්.ඒ.ඩි.ඉසබෙල්

පියා :

එන්.එස්.සී.එස්. විජේතුංග

බිරිඳ :

අවිවාහක

ලිපිනය :

435, සුනිල් බටපොල පාර, ඇල්පිටිය

ලබා ගෙන ඇති පදක්කම් :

පරම වීර විභූෂණය

    වර්ෂ 1996 මාර්තු 30 වන දින නිවාඩු ලබා සිටි නාවුක හමුදා භට පිරිස් නාවික හමුදාවේ තවත් යාත්‍රා සමුහයක් ද සමග තම නිවෙස් බලා යාමේ අභිලාෂයෙන් දිවයිනේ දකුණු දෙසට යාත්‍රා කරමින් සිටියහ. මෙම සියල්ලටම  ආරක්ෂාව සැපයුයේ ඩෝරා අධිවේග යාත්‍රා මගිනි. එහි එක යාත්‍රාවක් මෙහෙයවන ලද්දේ ලුතිනන් ජූඩ් විජේතුංග රණවිරුවා විසිනි.

 

    මෙම යාත්‍රාව ඊට ඉහතදී කල මෙහෙයුමකින් සිදු වූ අනතුරක් නිසා යාන්ත්‍රික දෝෂ වලින් ද යුක්ත විය. වෙලාව දහවල් 12.00 ට පමණ මෙම යාත්‍රා දෙසට තරමක වේගයෙන් පැමිණෙන සැක සහිත සතුරු යාත්‍රාවක සංඥා නිරීක්ෂණය විය. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක යාත්‍රා සමුහය මේම සක සහිත යානාව නැවත්වීමට සුදානම් වූහ.

 

     කෙසේ නමුදු එම ආරක්ෂක යාත්‍රා සමුහය මැඩගෙන සතුරු යානා සෙබළු සිටි යාත්‍රාව දෙසට ලගාවන්නට විය. එහෙත් ආරක්ෂක යාත්‍රා සමුහය එම සතුරු යානා විනාශ කළහ. එහෙත් දෙවන රැල්ලක් සේ මුහුදු කොටි යාත්‍රා සමුහයක් නැවත සෙබළු සිටි යාත්‍රාව දෙසට ළඟාවන්නට විය. මෙය නිරීක්ෂණය කල විජේතුංග තම යාත්‍රාවේ යාන්ත්‍රික දෝෂය ද නොසලකා හරිමින් සතුරු යාත්‍රා දෙසට ගොස් එම යාත්‍රා දෙකක් විනාශ කිරීමට සමත් විය. එහෙත් තුන්වන සතුරු යාත්‍රාව විනාශ කිරීමේදී, මුහුදු කොටි යාත්‍රාව විජේතුංග ගේ යාත්‍රාවේ ගැටී එම යාත්‍රා දෙකම පුපුරා ගියේය. විජේතුංග ගේ මෙම අභීත ක්‍රියාව නිසා නෞකවේ සිටි භට පිරිසගේ ජිවිත ආරක්ශා වුණි.

 

    විජේතුංගගේ මෙම වීර ක්‍රියාවට උපහාර ලෙස ඔහු පරම වීර විභූෂණයෙන් පිදුම් ලද්දේය.

වීර වික්‍රමාන්විතය

2016 srilankapwvheroes.com All Rights Reserved. powerd by VERBOSE SYSTEMS | j¾fndaia