තමන් වෙනුවෙන් පුද දෙනු ලැබූ පදක්කම් සියැසින් දැකීමට ඔවුහු ජිවත් නොවෙති.

ගැයෙන ගැයුම් - ප්‍රසංශා - කවි - ගීත ඔවුන්ගේ දෙසවනට අද ඇසෙන්නේ නැත.

තිස් වසරක කුරිරු යුද්ධයේදී, අප රටේ ඒකීය භාවය ආරක්ෂා කරගැනීමට සහ ත්‍රස්තවාදී උවදුරු වලින් අප මාතෘ භුමිය බේරා ගැනීම වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු රණවිරුවන් ගේ ජිවිත කතා ඉතාම ආකර්ෂණිය මෙන්ම හද සසල කරවන සුළුය. එම තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලෝකයා වෙත බෙදා හැරීම උදෙසා මෙම වෙබ් අඩෙවිය ශ්‍රීලංකා - එක්සත් ජාතින් මිත්‍රත්ව සංවිධානයේ (SUNFO) සංකල්පයකට අනුව නිර්මාණය කරන ලදී.

පරම වීර විභූෂණය

     1981 වසරේදී ආරම්භ කරන ලද, පරම වීර විභූෂණය (PWV) ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවකුගේ වීරත්වය සඳහා පිරිනැමෙන ඉහල ම සහ ගෞරවාන්විත ම පදක්කම වේ.

 

    ස්වකීය ජිවිතයට ද, ආත්ම ආරක්ෂාවට ද, සිදුවිය හැකි උපද්‍රව ගැන නොසලකා සිය සගයන්ගේ ජිවිත ආරක්ෂාව නොහොත් සිය බල කණ්ඩායමේ කාර්ය අරමුණ මුදුන්පත් කරගැනීම උදෙසා සක්‍රිය සේවා කාලය තුළ ස්වේච්ඡාවෙන් ම සතුරාට මුහුණ පාමින් වික්‍රමාන්විත වූ ද, අභීත භාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූ ද, ක්‍රියාවන්හි පෞද්ගලික ව ම  යෙදුණා වු ද, ප්‍රදානය කිරීම යෝග්‍ය යැයි යුද්ධ හමුදාපති, නාවික හමුදාපති හෝ ගුවන් හමුදාපති විසින් නිර්දේශ කරනු ලබන්නා වූ ද, ශ්‍රීලංකා ජනරජයේ යුද, නාවික හා ගුවන් හමුදාවන්හි ස්ථිර හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සෑම තරාතිරමටම අයත් සියලුම පුද්ගලයන්ට මේ පළඳනාව ප්‍රදානය කළ යුත්තේ ය.

 

    පරම වීර විභූෂණය ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විශේෂ ගැසට් පත්‍රිකා අංක 156/5, 1981 සැප්තැම්බර් පළමු වන දිනයේ දී අනුමත කරන ලදී.

    ශ්‍රීලංකාව තුල සිංහල සහ ද්‍රවිඩ අරගල වලට ඇත්තේ ඉතාමත් දීර්ඝ ඉතිහාසයකි. එය ඇතැම් විටෙක එළාර සහ දුටුගැමුණු සමයටත් වඩා අතීතයට දිව යන්නකි. මෙම අරගල ශ්‍රීලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ පසුව මධ්‍යම පන්තියේ අරගලයක් සහිතව වර්ධනය වුයේය. බොහෝ විටෙක යටත් විජිත පාලනයක් තුලදී සුළු ජාතියක් විශේෂ වරප්‍රසාද ලබනු ඇත. එවන් වටපිටාවක් තුල අධ්‍යාපනය සහ රාජ්‍ය රැකියාවල දී සිංහලයන් හට අඩු සැලකිල්ලක් ලැබුණා විය යුතුය.

 

    නිදහස ලැබීමෙන් පසුව දේශීය දේශපාලනඥයින් තීරණ ගන්නේ පොදු සමාජයක් ලෙසට නොව ජාතින් හට එහි සංවේදීතාව දැනෙන පරිදි  ය. මෙහි දී රටේ බහුතර සිංහල ජාතිය සම්පත් බෙදී යෑම තමන්ට වූ අසාධාරණයක් ලෙස සලකන්නට වූහ. ද්‍රවිඩ ජාතිකයින් සම අයිතීන් සඳහා උද්ගෝෂණය කරන්නට වුහ. අවසානයේ මෙම අරගල, ඝට්ටන කෙළවර වුයේ ස්වයං රාජ්‍යයක් සඳහා සටන් කිරීමට නැඹුරු වූ දෙමළ ත්‍රස්තවාදී පිරිසක් නිර්මාණය වීමෙනි.

 

    මෙසේ සුළුවෙන් පටන් ගත් ද්‍රවිඩ ත්‍රස්තවාදී කල්ලි ජාත්‍යන්තර සහයෙන් ගොඩනගා ගෙන හැකි තරම් ශක්තිමත් වුහ. ප්‍රබල රට වලින් සටන් පුහුණුව, නවීන අවි ආයුධ සහ ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස මුදල් සම්භාරයක් රැස් කිරීමේ හැකියාවද ලැබූහ. රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර මාධ්‍යයන්ගේ නොමඳ සහය ද ලබා ගත්හ. පසුව ඔවුන් දීර්ඝ සටනක් සඳහා ශක්තිය ධෛර්යය මෙන්ම බලයෙන් ද ඔද වැඩි ගියහ.

 

    මෙසේ සංවිධානය වන අතර ම, ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාවට ප්‍රබල ප්‍රහාර එල්ල කළහ. සමහර යුධ හමුදා කඳවුරු සහමුලින්ම විනාශ කළහ. සිවිල් ජනයා වාසය කරන ගම්මාන විනාශ කර ඔවුන් මරා දැමුහ. ආර්ථික මරමස්ථාන වලට පහර දුන්හ. ශ්‍රි ලංකාවේ අති විශාල මනුෂ්‍ය ඝාතනයන් මිලේච්ඡ ලෙසට ම කිරීමට ද්‍රවිඩ ත්‍රස්තයන් පැකිලුණේ නැත.

 

උපුටා ගැනීම : ප්‍රසාද් පොල්වත්තයන් විසින් රචිත “අමරණිය සොල්දාදුවන් විසි නවය” කෘතියෙනි

 

 

ත්‍රස්තවාදී සංවිධාන වල ආරම්භය

තිස් වසරක ඊළාම් යුද්ධය

    පළමු ඊළාම් යුද්ධය 1970 දශකය මැද භාගයේ සිට 1989 දක්වා ක‍්‍රියාත්මක විය. ආරම්භයේ දී මධ්‍යස්ථ දෙමළ දේශපාලඥයින් හා පොලිස් ඔත්තුකරුවන් ඉලක්ක බවට පත්විය. 1984 සිට උතුරු නැගෙනහිර පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම අරඹන අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුරය ආදී ප‍්‍රදේශ ඉලක්ක කොට ගෙන ත‍්‍රස්තවාදීන් කි‍්‍රයාත්මක විය.

 

    1975 ජූලි 27 වන දින ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ඝාතනය කිරීමත් සමඟ පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1978 එල්ටීටීඊ හා ටෙලෝ කණ්ඩයම් දෙකම යාපනයේ පොලිස් නිලධාරීන් හා ඔත්තුකරුවන් ඝාතනය නොනවත්වාම සිදු කරන ලදී. පළමුවැනි ඊළාම් යුද්ධය මදින් මද වර්ධනය වූ අතර කොළඹ තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා ඇතිකරන තත්වයට ලත් විය.

 

    1981 ජුනි 01 වැනි දින යාපන පුස්තකාලයට ගිනි තබා විනාශ කරන ලදී. 1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගිය අතර 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩි හිදී ත‍්‍රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩිතබා සිව්දෙනෙක් මිය ගියේය. 1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප‍්‍රහාරයක් දියත් විය. 1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

 

තව කියවන්න

පරම වීර විභූෂණ පදක්කම් ලාභී සොල්දාදුවන්ගේ වික්‍රමාන්විත ක්‍රියාකාරකම්

යුධ ක්‍රියාන්විතයන්හිදී මියගිය ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් හට කරනු ලබන උපහාරයක් ලෙස ඔවුන්ගේ නිලය උසස් වීමට ලක් කිරීම අගනා පිළිවෙතකි.

 

එහෙයින් මෙහි සඳහන්ව ඇත්තේ රණවිරුවන් ජිවිත පරිත්‍යාග කිරීමෙන් පසු වර්තමානයේ ඔහු දරන නිලයෙනි.

ඉදිරියට යන්න

2016 srilankapwvheroes.com All Rights Reserved. powerd by VERBOSE SYSTEMS | j¾fndaia